විදුහල්පති පණිවිඩය
බී.ඒ.ඒ.යූ . බාලසූරිය මහතා
කැලණි කලාපයේ මහර කොට්ඨාසයේ කහටාන ක.වි දශක 6 කට අධික කීර්තිමත් ඉතිහසයක් ඇති ප්‍රදේශයට උගතුන් බිහි කළ කීර්තිමත් පාසලකි. ඉතා විශිෂ්ඨ ගුරු මණ්ඩලයකින් හා මානුශීය ගුණයෙන් යුත් පාසල් ප්‍රජවකගෙන් සමන්විත මෙම පාසලට දේශපලන අධිකාරියෙන් ද නිරන්තර සහයෝගය ලැබේ.
වර්තමානය වන විට ශිෂ්‍යත්ව විභාගයෙන් හා සා.පෙළ විභාගයෙන් මහර කොට්ඨාසයේ ඉහළ ස්ථානයක් ලබා ගැනීමට අප විද්‍යාලය සමත් වී ඇත.
පරිසර සුන්දත්වයෙන් අලංකර වූ දුවා දරුවන්ගේ හඬ නිතරම ඇසෙන්නා වූ ඉතා සුන්දර භූමියක පිහිටි මෙම පාසල ඉදිරියටත් දහසක් දරුවන්ගේ නෙත් පාදනු ඇත.
කොරියානු රජයේ ආධාර යටතේ නොබෝදා අප පාසලට පරිගණක විද්‍යාගරයක් ප්‍රදානය කෙරුනු අතර තොරතුරු සන්නිවේදන විෂය භාරව කටයුතු කරන ගයංගි දිනේෂිකා ගුරුතුමිය ඉතා විශිෂ්ඨ අන්දමින් පරිගණක විද්‍යාගාරය භාවිතා කරමින් සිසු දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදු කරයි. එතුමියගේ සංකල්පයකට අනුව සහ සම්පූර්ණ ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් නිර්මාණය වන අප විද්‍යාලයේ වෙබ් පිටුව අප පාසලෙහි උන්නතිය වෙනුවෙන් මහ දායකත්වයක් සපයනු ඇත යනු මගේ විශ්වසයයි.
බී.ඒ.ඒ.යූ . බාලසූරිය මහතා
ශ්‍රී ලංකා විදුහල්පති සේවය
බප/කැල කහටාන කනිෂ්ඨ විද්‍යාලය.









