නිල ලාංජන පැළැඳවීමේ උත්සවය

පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම

වාර්ශික මහා පොළ -2024

298307c0-20f9-4beb-b84e-8b2bca0117db.jpeg
910a2564-afdc-467e-848a-253520bda308.jpeg
DSC_3063.jpg
DSC_3088.jpg
DSC_3062.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඩී.ජී.වින්ධ්‍යා පෙරේරා මහත්මිය

කහටාන කණිෂ්ඨ විද්‍යාලය ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ  කෝරලයේ පිහිටි පියවරෙන් පියවර සංවර්ධනය කරා  ලඟා වන බස්නහිර පළාතේ දීප්තිමේ පාසලකි. අප පාසයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පළාත් මට්ටමින්, කලාප මට්ටමින් මෙන්ම කොට්ඨාස මට්ටමින් සාහිත්‍ය, කලා   හා  සමාජීය  විද්‍යා  යන අංශ වලින් ජයග්‍රහණ රැසකට උරුමකම් කියයි. පාසලේ නාමය බබළවන දීප්තිමේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් ද අප පාසලින් යම් වනවිට බිහිවී ඇත.  ඔවුන් අප පාසලට සැබවින් ම ශක්තියකි. පසුගිය වසරේ අප පාසලට කොරියානු රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලද පරිගණක විද්‍යාගාරය පාසලේ සිසු සිසුවියන්ගේ පරිගණක සාක්ෂරතාවය හා තොරතුරු තාක්ෂණය පිළිබඳ උනන්දුව වර්ධනය කරලීමට මහඟු පිටිවහලක් වී ඇත. අප හට ප්‍රදානයක්  ලෙස ලැබෙන වෙබ් අඩවිය අප පාසයේ දූ දරුවන්ගේ හැකියා , දක්ෂතා ලෝකයට ගෙන යන දොරටුවක් වනු නොවනුමානය.  එසේම  එය ලොව වටා සිටින ප්‍රජාව හා  සම්බන්ධ වී ඉන් අප පාසලේ දයාබර සිසු දරුවන්ගේ  අනාගත මං පෙත් විවර කර ගැනීමේ  මාර්ගයක් වේවායි ප්‍රාර්ථනා කරමු.

ඩී.ජී.වින්ධ්‍යා පෙරේරා මහත්මිය
විදුහල්පති - පරිපාලන (ශ්‍රී ලංකා විදුහල්පති සේවය III )
බප/කැල/ කහටාන ක.වි.