කැළණිය
හේනේගම සොඳුරු ගම් පියසේ ගැමි සුවඳ දෝත දරා දැයේ දූ දරුවන්ගේ නැණ පිපාසය සංසිඳුවන්නට බප/කැල කහටාන විදු මාතාව වර්ෂ 1963 ජනවාරි මස 03 වන දින හත් දෙනෙකුගෙන් යුත් ඇඳුරු මඩුල්ලකගේ සේවය සිසුන් 127 දෙනෙකු විසින් ලබමින් කහටාන විහාරස්ථානයේ දී උපත ලැබීම සදා නොමැකෙන සිහිවටනයකි.
"ජීවත්වීමට අවශ්‍ය නිපුණතා ලැබූ සාරධර්ම අගයන සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහිකිරීම අප පාසලේ දැක්මයි."
"දැනුමෙන් පෝෂිත සාරධර්ම වලින් ආඩ්‍ය කුසලතා පිරිපුන් හෙට ලොවට නොබියව මුහුණ දිය හැකි සමබර පෞරුෂයක් සහිත පුරවැසියන් බිහිකිරීම අපගේ මෙහෙවරයි."